Poems and social talks


සතුට ...

ඕනම වෙලාවට 
හිටපු නැති හැටි ....


බිරිඳ කියන කවි

උදෑසනම ගෙදරින් යන සැමියාණෝ ..
හවස් වෙලා ආපසු එන සැමියාණෝ ..
ටී වී බල බලා බත් කන සැමියාණෝ ..
අහක බලාගෙන නිදියන දෙයියාණෝ ..

කන්න ගියා බොන්න ගියා මම නොදනී 
ලෙඩක් දුකක් හැදෙන්නෙපා නුඹ නොදනී..
ඒ කාලේදී හචින් ගියා දෙදෙනා දනී ..
කඳුළු ගියා උන්නා  හැටි මතක් උණි ..

උදේ රැයින්  සිදු වෙනවා උයන්නට ..
දවල් තනිය බෑ හිමියනි දරන්නට ..
එදා වගේ ඇයි බැරි උණෙ  සිටින්නට ..
මේද ජිවිතේ තිත්තයි ගෙවන්නට..
(කල්ප සී. එදිරිසිංහ ගේ බිරිඳ කියන කවි පදය පන්තිය ඇසුරිණි)

සැලකිය යුතුයි - මෙම කවිය  රසාස්වාදය තුල සියලු සමාජ මිනිසුන්  පොදු සාධක කොටගෙන රසාස්වාදය /විචාරය කොට නොමැති අතර එම කවියට වස්තු විෂය වන්නා  වූ බිරිඳගේ පෞද්ගලික අත්දැකීමක් විෂය කොට ගනිමින් සිදු කර ඇත.මෙම කවිය රසාස්වාදය යම්කිසි පිරිමි චරිතයක් තුල වෙනසක් සිදු කරගැනීම විෂයෙහිලා ප්‍රමාණවත් සාධක ගෙන හැර දක්වනු ලබයි.     
    
රසාස්වාදය

උදෑසනම ගෙදරින් යන සැමියාණෝ ..
හවස් වෙලා ආපසු එන සැමියාණෝ ..

අතීතයේ බිරිඳක් ලෙස පිදුම් ලබන්නට කලියෙන් ඉතා අලංකාර ආදරයක් තිබුනා  විය හැකි අතර දැන් දැන් තම සැමියාගේ භූමිකාව තුල වෙනසක් ඇය දකී.ඇ යට එම වෙනස නීරසය .ඇයට රස ඇත්තේ අතීත මතක සටහන් තුලය.ඇය කැමති වූ සැමියාගේ ලොව ඇයට දැන් දකින්නට නැති සේය.උදෑසනින්  වැඩට යන ඔහු සවස් වී  ගෙදර පැමිණේ.සවස නිවෙසට අවත කතා නැතිවම වචන දෙක තුනක් කතා කරයි..ය ඊට වැඩ ඔහු සමඟින් දොඩමලු වන්නට කැමතිය..ඔහු සමඟින් දරුවන්ගේ විස්තර ඔවුන්ගේ විස්තර ,අතීත සුන්දර මතකයන් සමඟින් දොඩමලු වන්නට කැමතිය .එත් ඇය ට එම ලෝකය අහිමි වී ගොස් ය..ඔහු පුවත්පත් සමඟින් කතා කරයි..TV සමඟින් ඇස පිනවයි..අහක බලාගෙනම සයනය මත වතිරෙයි..මෙම වෙනස ඇය බලාපොරොත්තු වුවක් නොවේ..ඒ මන්ද පෙම් ලොවදී දුටු ඔහු මෙතරම් වෙනස් කෙනකු වුයේ නැත..

""කන්න ගියා  බොන්න ගියා  මම නොදනී"" 
""ලෙඩක් දුකක් හැදෙන්නෙපා නුඹ නොදනී""

කල්ප සී එදිරිසීංහ කවියා  ඉස්මතු කරන සමාජ යථාර්තය මැනවින් මෙම කවියෙන් ප්‍රකට වේ...කන්න ගියා  බොන්න ගියා  ඇය දන්නේ නැත..නමුත් ඇය ඔහුගේ සැමියා වේ.ලෙඩක් දුකක් හැදුනත් සැමියා ලෙස නුබ දන්නේ නැත..මම අසනීපයෙන් වුවද සියලු නිවසේ වැඩ කරන්නම් ..මනුස්සයන් මේ අකාරයෙන් වැඩ බෙදා ගෙන ඉන්න අයුරු සහ ඒ තුලින් දෙදෙනාගේම සංවර්ධනය සීමා වන අකාරය ඉතා අපුර්ව අයුරින් කවිය උපහාසත්වකව ප්‍රතීයමාන කරයි. මේ තුලින්  වචනාර්ථය ඉක්මවා  ගිය සමාජ යථාර්තය කියවෙයි..

ඔවුන්ට ඉතා සුන්දර අතීත කාලයක් තිබු බව කවියා  දක්වයි...."හචින්""කිවිසුම් " යන සැනින් ඔවුන් දෙදෙනාගේ දුක සැප බෙදා ගනී.කඳුලට ඔවුන් දොඩමලු වෙයි.සතුටට ඔවුන් දොඩමලු වෙයි..ඒ පෙම්වත් ලොව පෙත්වතුන්ය..නමුත් විවාහ වූ පසුව මෙම සැමියාගේ චර්යා රටාව ඇය සතුටට පත් කරන්නේ නැත..ඇය ඔහුට තවමත් වෙනස් වීමට කාලය ඇති පවසයි.. ඇය සැමියාගේ මෙම වෙනස්වීම ගර්හාවට ලක්කරනවා නොවේ..ඇය පවසන්නේ ඔහුට කුඩා කුඩා වෙනස් කම් කරගනිමින් නැවතත් ඔවුන් දෙදෙනා අතර අලංකාර පවුල් පරිසරයක් ගොඩ නගා ගත හැකි බවය..

"උදේ රැයින්  සිදු වෙනවා උයන්නට
දවල් තනිය බෑ හිමියනි දරන්නට "

ඇය උදෑසනින් නැගිටියි..සම්ප්‍රදායික සමාජයේ පිරිමි බහුතරයක් උදෑසන වනතුරා සයනයේ පහස විඳියි.නමුත් කවියා පවසන්නේ අඩුම තරමින් හැකි උපරිම වෙලාවට නිවසේ වැඩ කටයුතු වලටද මෙම පිරිමි චරිතයට උදව් විය හැකි බව නොවේද?...උයන්නට ඔහු රිසි නොවුවත් අඩුම තරමින් මුලුතැන්ගෙය සමීපයට ගොස් ඇයගේ සුවදුක් සොයා බලන්නට ඔහුට හැකිය.ඇය පතන්නේ ඔහුයි..ඇය  පවසන්නේ "" හිමියනි උයන පිහන දේවල් වලට සහය නොදැක් වුවාට කමක් නැහැ..පොඩ්ඩක් මාත්  එක්ක කතා කරන්න..සුව දුක් අසන්න..දරුවන්ගේ කටයුතු සොයා බලන්න..හම්බ කරමින් ආ පමණින් ඔබ අපේ කුඩා පවුලට ආදරේ කරන බව පෙනෙන්නේ නැත.. එය මට දැනෙන්නේ නැත..මා  කැමති අතීතයේ කඩල  කමින් අතේ රුපියල් 10ක් පමණක් තබාගෙන අව් කට්ටේ මුහුදු සුලන් විඳි ඔබටයි..ඔබ දැන් වෙනස් වී ඇත.. ඇය අවසානයට ප්‍රශ්නයක් අසයි..එය සමස්ත මානව සමාජයේ පිරිමින්ගෙන් අසන ප්‍රශ්නයක් විය හැකිය..එම ප්‍රශ්නය බොහෝ විවාහක ගැහැණු ලෝකයන් තුල සඟවාගෙන සිටින ප්‍රශ්නයක් විය හැකිය..නමුත් ඇය එම ප්‍රශ්නය සමාජය අභිමුව කියාපායි..

එදා වගේ ඇයි බැරි උනේ සිටින්නට ..
 මෙදා  ජිවිතේ තිත්තයි ගෙවන්නට..

කරවිල ද තිත්තය..කොහොඹ ද තිත්ත ය..තිබ්බටුද තිත්තය..නමුත් මෙම සියලු අහාරයන් රස දේ බවට පත් කරමින් වැළඳිය හැකිය.ඇයට තම විවාහක සැමියා ගේ ලෝකය සමඟ වෙසෙන්නට රස නැත..එය තිත්තය..ජිවිතේ තිත්ත බව පිරිමියා තම හදාගෙන තිබෙන්නා  වූ ඔහු සාදාගෙන තිබෙන  පිරිමි ලොව තුල සැරිසරයි..එම ලොව නීරස එකක් බව ඔහු දන්නේ නැත.කවියා  දක්වන ගැහැණිය ද තමා සාදාගෙන තිබෙන ගැහැණු ලොව තුළ  සැරිසරයි.ඇයටද එම ලොව නීරස වී ඇත.මේ ලෝක දෙකම අලංකාර කිරීමට දෙදෙනාගේම ලොව තුල මනුස්ස ලෝකයන් හඳුනා ගත යුතුය..
එම ලෝකය ගොඩ නගන්නේ කෙසේද ..

ඔහුට තමන්ගේ දැනට ගොඩ නංවාගෙන තිබෙන භූමිකාව වෙනස් කරගත හැක.

·         නිවසේ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී 
·         ගෙදර දොර කටයුතු වලදී සහය දිය හැක.
·         තීරණ ගැනීමේදී පවුලේ එකිනෙකාගේ අදහස් වලට ගරු කල හැක.
·         පවුලේ යම් යම් ජයග්‍රහණ අගය කල හැක.
·         පවුලේ අය අතර විහිලු සහ රස වින්දන අවස්ථා යොදා ගත හැක.
·         එකිනෙකාගේ අපහසුතාවයන් පිළිබඳව සොයා බැලිය හැක.
·         අතීත සුන්දර මතකයන් බෙදා හදා  ගත හැක.

No comments:

Post a Comment